දින දෙකක් පුරා අළුත්ගම, බේරුවල හා දර්ගා නගරයේ පැවැති ඇඳිරි නීතිය අද උදේ අටට අවසන් කිරීමට පොලීසිය සැරසේ.
පෙරදින පැවැති සාමකාමී තත්වය සැලකිල්ලට ගනිමින් මේ පියවර ගන්නා බවත් එහෙත් අවශ්‍ය උවහොත් යළි ඇඳිරි නීතිය පනවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
ගැටුම් වලට සම්බන්ද අට දෙනෙක් පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුහ.

