සිරාජ් හසීම්
පොලිස් ආරක්ෂාව මැද මන්නාරම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවෙකු පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්නාරම මූලස්ථාන පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇතැයි උතුරු පළාත් පොලිස් ප්‍රධානියෙක්‘ලංකාදීපය‘ට පැවසීය.
මන්නාරම කොට්ඨාස බාර පොලිස් අධිකාරි එච්.එල් පීරිස් මහතා විසින් මෙම නිලධාරීන් තිදෙනාගේ සේවය අත්හිටුවා ඇත
කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සැකකරු හර්නියා රෝගී තත්වයක් නිසා මන්නාරම රෝහල වෙත ඇතුළත් කර ඇත.

