පොලිස් අධිකාරීගේ විදුලි බිල ගෙවන්න අල්ලස් ඉල්ලූ එස්.අයි අත්අඩංගුවට


පොලිස් අධිකාරීවරයකුගේ නිල නිවාසයේ විදුලි බිල ගෙවීමට කුට්ටිගල   ව්‍යාපාරිකයකුගෙන් අල්ලස් ගත්තේයැයි සැකපිට  ඇඹිලිපිටිය  විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද අත්අඩංගුව ගනු ලැබීය.

පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසේ විදුලි බිල රැගෙන ඇඹිලිපිටිය නගරයේ  බැංකුවකට සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා පැමිණ ඇතැයි ද,  එය ගෙවීමට අවශ්‍ය මුදල ව්‍යාපාරිකයාගෙන්  ලබා ගනිද්දී ඔහු අත්අඩංගුවට පත්වීයැයි ද අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග කියයි.

විදුලි බිල නොගෙවීම නිසා  පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසේ විදුලිය විසන්ධි කර තිබූ බව දැනගන්නට ඇත. එ නිසා වෙනත් ස්ථානයක නැවතී සිටි පොලිස් අධිකාරීවරයාට පසුගියදා නැවත නිල නිවසේ වාසයට පැමිණ තිබේ.

සැකකාර ස්ථානාධිපතිවරයා උප පොලිස් පරීක්ෂකවරයෙකි.