විදුලි බිල වැඩි කිරීමට එරෙහි විපක්ෂ පෙළපාළිය මරදාන කාර්මික විදුහල් හන්දියේදී මින් මද වේලාවකට කලින් නතර කිරීමට පොලිසිය ගත් උත්සහාය අසාර්ථක විය. පෙළපාලිකරුවනට පොලිසිය දැන්වූයේ ආණ්ඩු පක්ෂයෙන් ද පෙළපාළියක් කොටුවට යන හෙයින් ඒ දෙසට නොයන ලෙසයි. එහෙත් විපක්ෂය පොලිස් ඉල්ලීම නොතකා කොටුව දෙසට ගමන් කෙළේය.