පොලිස් අණ නොතකා ගිය ත්‍රිරෝද රියට වෙඩි තබා සිව් දෙනෙක් අත්අඩංගුවට


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

පොලිස් මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ බව කියන ති‍්‍රරෝද රථයක් ලූහුබැද එයට වෙඩි තබා එහි සිටි තරුණයන් සිව් දෙනෙකු අද (10) අලූයම අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.

රියදුරු බලපත් නොමැති නිසා නොනවත්වා ගිය බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත.ඉන් කිසිවෙකුටත් තුවාල වී නොමැති බවත් වෙඩි වැදීමෙන් ත්‍රීරෝද රියට සුලූ හානි වී ඇති බවත් පොලිසිය කියයි.

ඔවුන් සතුව තිබී සැකකටයුතු කිසිත් පොලිසියට හමුවී නැති අතර ඔවුන් මළ ගෙදරක සූදු කි‍්‍රඩාවට ගොස් පැමිනෙමින් සිට ඇතැයි පරීක්ෂණවලදී හෙළී වු බව පොලිසිය කියයි.