රැකියා විරහිත උපාධිධරයන්ගේ සංවිධානයේ නියෝජිතයන්ට රාජගිරිය පාර්ලිමේන්තු මාවතේ පොල්දූව පාලමෙන් එහාට යෑම වළක්වමින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද අතුරු තහනම් පැනවීය. එම සංවිධානය අද විරෝධතාවක් සංවිධානය කර ඇති බවත් පාර්ලිමේන්තු මාර්ගය අවහිර කළොත් කලබලකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවත් තලංගම පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.
ඡායාරූප - ලහිරු හර්ෂණ







