
(අධිකාරි මුදියන්සේ)
පොල්ගහවෙල හුදෙකලා කර ඇති ගම්මාන දින 21 ක ට පසු හුදකලා බවින් නිදහස් කළ බව පොල්ගහවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සංජීව හේරත් මහතා පවසයි.
පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ බන්දාව, මඩලගම පසුගිය දෙසැම්බර් මස (18) දා සිට සංචාරණ සීමා පැනවීමට බලධාරින් කටයුතු කළ අතර ඒ එම ප්‍රදේශයෙන් පසුගියදා කාන්තාවක් මිය යාමෙන් පසු කළ PCR පරීක්ෂණයෙන් ඇයට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් ඇයගේ සමීපතම ආශ්‍රිතයින් වැඩි පිරිසක් ආසාදිතයන් විම හේතුවෙන් පොලිසිය හා සෞඛ්‍ය අංශ මෙම තීරණය ගෙන තිබුණි.
මේවන විටත් එම ප්‍රදේශයන්හි නිරෝධායනය සඳහා යොමුකර ඇති නිවෙස්වල පුද්ගලයන් නිවෙස් තුළම රැඳී සිටින ලෙසත් පොල්ගහවෙල පොලිසිය හා සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

