පොල්ගහවෙල සභාපතිට මාධ්‍ය භීතීකාවක්


අසත්‍ය වාර්තා පළ කිරීම නිසා පොල්ගහවෙල ප්‍රාදේශීය සභාව මාධ්‍යවේදීන්ට තහනම් කළ බව පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ලිවේරා ගුණතිලක මහතා පවසයි.

සභාපතිවරයාගේ කැබ් රථයේ අලුත්වැඩියා කටයුතු සඳහා වැය කළ රුපියල් එක් ලක්ෂ හත්දාහක බිල් පතක් පිළිබඳව හා ප්‍රමිතියෙන් අඩු සී.එෆ්.එල් බල්බ මිලට ගැනීම පිළිබඳ මන්ත්‍රීවරුන් මතු කළ කරුණු මාධ්‍යයේ පළ විය.

සභාපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මුදල් සම්බන්ධව මුදල් කාරක සභාවේ අනුමැතිය අනුව කටයුතු කර ඇති බවය. මේ පිළිබඳව සිදුකෙරෙන විමර්ශන කටයුතු සඳහා මුහුණ දීමට තමා සූදානම් බවත් ඔහු පවසයි.

මෙම මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශය කළ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අජිත් විජේවර්ධන මහතා මුදල් කාරක සභාවට නොපැමිණි බවද සභාපතිවරයා පැවසීය.