පොල්ගහවෙල ගමන රාගමින් නවතී


කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ගමන්කරමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රිය රාගමදී අතරමග නතරවීමෙන් මගීහු රැසක් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි කියති.

පැයක පමණ කාලයක් දුම්රිය නතරවී තිබූ අතර කාර්මික දෝෂයක් හේතුවෙන් එහි ගමනාන්තය කරා ළඟාවීමට නොහැකි බව දුම්රිය පාලනාධිකාරිය පවසයි.

රැකියා නිමවීමෙන් පසු නිවෙස් කරා යමින් සිටි මගීන් විශාල ප්‍රමාණයක් මෙහි සිටි බව කියති.