
(යොහාන් භාසුර)
පොල්ගවෙල සහ පොතුහැර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් ධාවනය වෙමින් තිබූ රේල් බස් රථය අද (15) පස්වරුවේ පීලී පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට පොතුහැර දක්වා සීමා කිරීමට සිදුවූ බව ද එම නිලධාරියා කීය.


