පොල්අතු මඩුව යට අව්වට දූලි කකා


ගලේවෙල පහළ දිග්ගල ප්‍රාථමික විදුහලේ 4 වසර පන්තියේ දරුවෝ පොල්අතු මඩුවක උගනිති.

ගලේවෙල ප්‍රාදේශිය සභාවේ ඒ ජා ප  මන්ත්‍රී දුමින්ද බණ්ඩාරනායක මහතා මෙම පාසල ගැන අපට කිවේය .

විදුහලේ ළමයි 56 දෙනකි .ගුරුවරු හත් දෙනකි .පොල් අතු මඩුවේ දරුවෝ අට දෙනෙක් උගනිති.පාසලේ දරුවන්ගෙන් බහුතරයක් ආර්ථික අපහසුතා ඇති පවුල් වල දරුවෝය .1975 දී සස්කෘතික ඇමැති ටි .බි .තෙන්නකෝන් මහතා මේ පාසල ඇරැඹිය.

විදුහල්පති ඩබ්ලිව් .ජි .වීරරත්න මහතා කියනුයේ මේ පාසලේ දරුවන්වන්ද දුවිලි නැති පුංචි හෝ ගොඩනැගිල්ලක්  පාවහන් පැළඳ පාසල් උපකරණද ඇතිව ඉගෙනීමට කැමැති බවයි.පාසලට උදව් කිරීමට කැමති නම් 077 - 3 416 157 දුරකතනයෙන් අමතන්න.