රුපියල් 320ක් වටිනා පොල්ගෙඩි අටක් සොරකම් කළැයි පාසල් දැරියකට එරෙහිව පොලීසියෙන් පවරා තිබූ නඩුව හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා ඉදිරියේදී මින් මද වේලාවකට පෙර ඉල්ලා අස් කර ගත්තේය.
මේ අනුව දැරිය නිදොස් කොට සිදහස් කෙරෙයි.
සහකාර පොලිස් අධිකාරී අබේරත්න දිසානායක මහතා නඩුව ඉල්ලා අස්කරගන්නා බව උසාවියට දැන්වීමෙන් පසු ඒ බව දැරියට නොතීසියක් මගින් දන්වන්නැයි මහේස්ත්‍රාත් නියෝග කළේය.
මෙම සුළු සිද්ධියට ජනමාධ්‍ය මගින් අනවශ්‍ය ප්‍රචාරයක් දීමෙන් දැරියගේ අධ්‍යාපනයට ද බලපෑමක් කර ඇතැයි ද, මාධ්‍යය වගකීමෙන් ක්‍රියා කළ යුතු යැයි ද මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.