පොල් ගස් මරුවා අහුවේ


ශ්‍රී ලංකාවේ   පොල් වගාව  විනාශ   කිරිමට    බලපා   දරුණුතම   තර්ජනය   වන්නේ    ඉතා    වේගවත් ලෙස    පැතිර   යන   ‘ශාඛ ප්ලස්මා’   නැමැති   ජිවියා   බවට    ප්‍රථම වතාට විද්‍යාත්මකව   තහවුරු  කරගැනීමට    කොළඹ  විශ්ව විද්‍යාලය  සමත්වු  බව    එහි   සත්ත්ව  විද්‍යා  අංශයේ    මහාචාර්ය   ප්‍රිති  උඩගම   මහත්මිය   පැවසුවාය.

මෙම  ‘ශාඛ ප්ලාස්මාවට’   සියයට    අනුනවයක්ම  සමාන   ජිවියකු දේශිය   පුවක් වගාවද  අනතුරට  පත්   කිරිමේ   අවධානමක්   සිදු කරගෙන   යන  බව   අනාවරණය   කරගත්   බවත්   මහාචාර්ය   ප්‍රිති   උඩගම   සදහන් කළාය.

අණුක  විද්‍යාවේ    සහ   පරිලෝකන   ඉලෙක්ට්‍රෝන   අන්වික්ෂයෙන්  ( ස්කෑනින්    ඉලෙක්ට්‍රොන්  මයික්‍රස්කොප් ) සිදුකළ  සංකිර්ණ   පරික්ෂණයකින් පසු    මෙය   සොයා    ගත්තේ    පේරාදෙණිය   විශ්ව   විද්‍යාලයේ  උද්හිද   විද්‍යා   විශේෂ   උපාධිධාරිනියක්  සේම කොළඹ  විශ්ව  විද්‍යාලයේ   දර්ශනවේදි  උපාධියක්   හදාරන   චාමිණි  කනටිවල ද  සිල්වා   මහත්මියයි.

දේශිය   පොල් වගාව   විනාශමුඛයට   පත්වීගෙන   යන  බැවින්   ඊට   හේතුව   සොයාගෙන   රෝග   නිර්ණක කට්ටලයක්   නිර්මාණය   කර  දෙන   ලෙසට   පොල්   පර්යේෂණ   ආයතනය  මහාචාර්යවරිය  ඇතුළු   කිහිප දෙනෙකුගෙන්   කළ   ඉල්ලිමක ප්‍රතිළුලය   ලෙස   සිදු  කළ   පරික්ෂණයක්   ලෙස මෙය හැදින්වෙයි.

 

මෙම ‘ශාඛ ප්ලාස්මා’   ජිවියා   ශ්‍රී ලංකාවට  ආවේණික   බවය. හරි හැටි   හේතුවක්   සොයා ගතගෙන   නොහැකිවිමෙන්    පොල්   වගාව   උරදුන්   අර්බුදය   හේතුවෙන් පාඩුවේ   පොල් ගස්    දෙලක්ෂ   හැත්තෑ දහසකට   අධික   ප්‍රමාණයක්    මේවන විට    විනාශ   කර   තිබෙන    බවත්   අනාවරණය   වෙයි.

නිශ්චිත   හේතුව  විද්‍යාත්මකව    නිසැකවම   තහවුරු   කර     ගැනිමට    සමත්   වු   නිසා පොල්  ත්‍රිකෝණය  ඇතුළුව  සමස්ත  පොල්වගාවට   බේරාගැනිමට   හැකි  වෙතැයි  මහාචාර්යවරිය කියයි.

මෙම  සාර්ථක  සොයා   ගැනිම  වෙනුවෙන්   එංගලන්තයේ    නොටිංගැම්  විශ්ව  විද්‍යාලය චාමිණි ද සිල්වා   මහත්මියට   ශිෂ්‍යත්වයක්   මත    විශේෂ   විද්‍යාත්මක  ක්‍රමවේද   පිළිබදව  අධ්‍යයනයක් ද ලබා  දෙන  ලදි.

මහාචාර්ය   ප්‍රිති  උඩගම  මහත්මියගේ   උපදෙස්   සහ  අධික්ෂණය යටතේ   නොටිංහැම්   විශ්ව  විද්‍යාලයේ   මහාචාර්ය   මැතිව්   ඩිකින්සර්   මහතාගේ   මග  පෙන්වීම   යටතේ   ආචාර්ය  රෝහණ   විජේසේකර    මහතාගේ    සහයෙන්   චාමිණි   කනටිවල   ද   සිල්වා   මහත්මිය  මෙම විද්‍යාත්මක තහවුරු  කිරිම සිදු කළාය.

2.-phytoplasma-1 1.-infected-coconut-leaves 5.-Prof-Matthew-Dickinson 6.-Mrs-Chamini-Kanatiwela-de-Silva

4.-Prof-Preethi-Udagama