යාපනය පලෙයි උඩුතුරෙයිහිදි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරියකුට පොරෝ පහරක් එල්ල කිරීමට ගිය බව කියන පුද්ගලයකු පොලිස් වෙඩි පහරකින් තුවාල ලබා කන්කසන්තුරේ රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
පුද්ගලයකුට පහර දී තුවාල සිදු කළැයි ලැබුණු පැමිණිල්ලක් මත සැකකරුවකුට අත්අඩංගුවට ගැනීමට උඩුතුරෙයි ප්‍රදේශයට පොලිස් කණ්ඩායමක් ගිය බවත්, සැකකරු අත්අඩංගුවට ගැනීමට ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධය පෑ බවත්, එක් සැකකරුවකු පොලිස් නිලධාරියකුට පොරෝ පහරක් එල්ල කරන්නට උත්සාහ කරද්දි ඔහුගේ අතට වෙඩිල්ලක් තබා එය වළක්වා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

