ක්ෂය රෝගයෙන් පෙළෙන්නන් හාරදහසකට වඩා වැඩි පිරිසක් රෝගය හදුනා නොගෙන සමාජයේ රෝගය බෝ කරති යැයි ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය එෂාන්ත් පෙරේරා මහතා ප්‍රකාශ කළේයය.
හදුනාගත් රෝගීන් නිසි පරිදි මෙතෙක් නොගැනිම නිසා රෝගය මර්දනය අපහසු බව ඔහු කිවේය.
නිර්දේශ ඖෂධ නියමිත පරිදි දිනපතා මාස 06 ක් නොගැනිම , ඖෂධ වැරදි අයුරින් භාවිතා කිරිම සහ ගුණාත්මක භාවයෙන් අඩු ඖෂධ භාවිතා කිරිම රෝගය පාලනය කිරිමට ඇති බාධා ඔහු සඳහන් කළේය.
මෙරටින් වාර්ෂික ක්ෂය රෝගින් 900-10000ක පමණ අලුතින් වාර්තා වෙන අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 100000 : 46.5 කි.
වැඩිම රෝගින් කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තා වන අතර ගම්පහ , ගාල්ල, කෑගල්ල, මාතර,කුරුණෑගල,රත්නපුර, නුවර,කළුතර, දිස්ත්‍රික්ක වලින් ද සැලකිය යුතු රෝගින් ප්‍රමාණයක් වාර්ෂිකව වාර්තා වේ.
දිර්ඝ කාලිනව දියවැඩියාව පාලනය නොකළ රෝගින්ට ද එච්.අයි.වි /ඒඩිස් ආසාධිත ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයන්ට ක්ෂය රෝගය වැලදිමේ වැඩි ඉඩකඩක් තිබේ.
කුඩා දරුවන්ට සහ වයස් ගත වුවන්ට මත්දව්‍ය හා දුම්වැටි භාවිතා කරන්නන්ට මෙන්ම මන්දපෝෂණයෙන් පෙළෙන්නන්ට ඉන්ද්‍රිය බද්ධ කළ රෝගින්ටත් රෝගකාරකය ඇතුළු වීමෙන් අවදානමක් ඇති විය හැකිය.
ලෝක ජනග්‍රහණයෙන් එක් කෝටි විසි ලක්ෂයක් පමණ දැනට ක්ෂය රෝගයට ගොදුරු වී ඇති අතර ඉන් අනු ලක්ෂයකට රෝගය වැළදි ඇති බව හදුනාගෙන ඇතත් රෝගින් මිලියන තුනක් තවමත් රෝගය හදුනාගෙන නැත.
රෝගය හේතුවෙන් වාර්ෂිකව ලොව පුරා ලක්ෂ පහළවක් මිය යන බව ඇස්තමේන්තුකර තිබේ.

