විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පොම්පරිප්පු පල්ලිවාසල්කුලම් වැව ආසන්නයේ නිධානයක් ගොඩ ගැනීම සඳහා කැණීම් කරමින් සිටි බව කියන හත් දෙනෙක් යුද හමුදා කමාන්ඩෝ සහ වන ජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුහු ගම්පහ, මිනුවන්ගොඩ සහ පුතත්තලමේ පදින්චිකරුවෝ වෙති.
කැණීම් කරමින් සිටි ස්ථානය ගල් කණු සහිත පුරා විද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක් බව කියති.