සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආසන සංවිධායකවරුන් හය දෙනකු අද සංධානයට එක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ කාර්යාලයයට එන බව මාධ්‍යයට දන්වා තිබුණි.
මාධ්‍යකරුවන්ද එහි ගිය පසු ෆොන්සේකාගේ පක්ෂයේ පිරිසද එහි ආහ.
ඔවුන් එනවිට බලපිටිය ප්‍රාදේශීය සභා සභාපති ඒ දයාරත්න සිල්වා මහතාට සන්ධානයේ ප්‍රබලයකු හොඳටම බැණ වදිමින් සිටි බව කියති. ඒසේ බැන වදින විට කාර්යාලයට ගිය පොන්සේකාගේ පක්ෂයෙ අය ඔවුන්ගේ තීරණය පසුව දන්වන බව කියා එළියට බැස ගියහ. මාධ්‍ය වේදීන් ගෙන්වීම ගැනද පොන්සේකාගේ ආසන සංවිධායකයෝ නොසතුට පළකළහ.

