පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේෂ් ශර්මා මහතා අද බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ යානයකින් ශ්‍රී ලංකාවට පැමිණියේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහත්වරු සමග ඔහු සාකච්ඡා කිරීමට නියමිතය. පෙබරවාරි දෙවැනි දා ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිෂ්චාල් මහත්මිය මෙරටට පැමිණීමට නියමිතය.

