පොදුරද මඬුලු සමුළුව ඇරැඹේ


22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අද (15) පෙරවරු 10.40ට පමණ චාල්ස් කුමාරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණේදී ආරම්භ විය.

දෙස් විදෙස් මාධ්‍යවේදීන් 1036 දෙනෙක් සමුළුව වාර්තා කිරීමට පැමිණ සිටියහ. ඉන් 500ක් ම ශ්‍රී ලංකාවෙනි.

2011 දී පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළුව ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ජුලියා ගිලාන්ඩ් අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දෙවසරකට වරක් පැවැත්වෙන මෙම සමුළුවේ දී මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ජනපතිට 2013 සිට 2015 දක්වා සමුළු සභාපතිත්වය හිමිවේ.