රටක තරුණ පෙළ සමෘද්ධිමත් හෙටක පදනම යැයි මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති පොදු රාජ්‍ය මණ්ඩලය අමතමින් අද ප්‍රකාශ කළේය.
පොදු රාජ්‍ය මණ්ඩලයේ පසුගිය වසර කිහිපයේ සිදු වූ වර්ධනය පිළිබඳ ආරම්භක සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකාව සතුටු වන බව ද ජනපති කීවේය.
ලක් ජනපති , ජෝසප් මස්කට් මෝල්ටා රාජ්‍යයේ අගමැතිට ඉදිරි දෙවසරේ නායකත්වය බාර කළේය.
‘‘පොදු රාජ්‍ය මණ්ඩලයේ අනුබලය අපේ සියලු සාමාජික රටවල දේශපාලන හා සමාජ හැසිරීම සඳහා මඟ පෙන්වීමට උපකාරී වී ඇත. මෙහි සාමාජික එකිනෙකා හා බද්ධ වන්නේ අප විසින් හුවමාරු කර ගන්නා පොදු වටිනාකම් මඟින් මිස ඒ ඒ රටවල බලය හෝ සමෘද්ධිය මත පදනම්ව නොවේ.
මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩල හමුවේ දී අප ඇතිකර ගත් එකඟතාවය නම් පොදුරාජ්‍ය මණ්ඩලයේ මූලික සැලකිල්ල යොමු විය යුත්තේ සාධාරණත්වය තහවුරු වන හා සියල්ලන් ඇතුළත් වන ආකාරයේ වර්ධනයක් අත්පත් කර ගැනීමට බවයි.
තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් තීව්‍ර උත්සාහයක් අවශ්‍ය වන බව ද අපි සඳහන් කළෙමු. එක්සත් ජාතීන් සමඟ වූ අපේ ව්‍යයාමයන්ට අනුකූලතාව දක්වන බව හඟවමින් එක්සත් ජාතීන් ද තිරසාර සංවර්ධන ඉලක්කයන්ට ප්‍රමුඛතාව දී ඇති බව සඳහන් කිරීමට ලැබීම පිළිබඳව මම වැඩි දුරටත් සතුටු වෙමි.
සමෘද්ධිමත් හෙටක් සඳහා පදනම වර්තමානයේ තරුණ-තරුණියන් බව අපි හඳුනා ගතිමු. එහෙයින් තරුණ-තරුණියන් සඳහා කැපවීමේ අභිලාෂය මාගම්පුර ප්‍රකාශය සම්මත කර ගනිමින් අපේ තරුණ පරම්පරාව පිළිබඳව පවතින නොවෙනස් සැලකිල්ල පෙන්වූයෙමු.
පොදුරාජ්‍ය මණ්ඩලයීය තරුණ සභාවේ ස්ථාපනය අප සාදරයෙන් පිළිගන්නා අතර එහි ප්‍රථම සභාව ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව ද අප තුළ ඇත්තේ ඉමහත් සතුටකි.
බිලියන දෙකකට අධික ජනතාවගේ නිවස පොදු රාජ්‍ය මණ්ඩලයයි. එයින් බහුතරයක් සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් වන අතර සංවර්ධිත රටවල ජීවත් වන්නේ අතළොස්සකි. අපේ කෙටිකාලීන ඉලක්කය, මධ්‍යම කාලීන ඉලක්කය මෙන්ම දීර්ඝ කාලීන ඉලක්කය ද විය යුත්තේ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමයි.
රැකියා උත්පාදනයේ, දරිද්‍රතාව පහත හෙළීම හා ආර්ථික සමෘද්ධිය ඉහළ දැමීමෙහි ලා වෙළෙඳාම හා ආයෝජනය වැදගත් භූමිකාවක් ඉටු කරන බව අපි දනිමු. අපේ රටවල අමුද්‍රව්‍ය විකිණීම වෙනුවට වටිනාකම් එක් කිරීමේ කර්මාන්ත සඳහා උපකාර කිරීම පිළිබඳ වැඩි අවධානය යොමු විය යුතුය.
කොළඹ පැවැති සමුළුවේ දී අප නිකුත් කළ කෝට්ටේ ප්‍රකාශනය පොදු රාජ්‍ය මණ්ඩලයීය ආයෝජන ගලා යාම හා පෞද්ගලික අංශයේ බැඳීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ අපගේ කැපවීම නැවත සිහිගැන්වූවකි. මෙය වනාහි අපගේ සංවර්ධනය වෙමින් පවතින මිත්‍ර රටවල් හා ඔවුන්ගේ ආර්ථිකයන් විසින් ඉල්ලා සිටින්නකි.
පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉවත්ව යන රට ලෙස අප ආපසු හැරී බලන විට පසුගිය වසර දෙක තුළ අප විසින් ඉටු කරනු ලැබූ කාර්යයන් පිළිබඳ අපි තෘප්තිමත්ය.
පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මා දැරූ ධූර කාලය තුළ මා හට සහයෝගය ලබා දුන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නායකයින් සියල්ලන්ට මම ස්තුතිවන්ත වෙමි.
පොදුරාජ්‍ය මණ්ඩලයටත්, මගේ රජයට හා ශ්‍රී ලංකා වැසියන්ටත්, පෞද්ගලික වශයෙන් මටත්, මහලේකම් කමලේෂ් ෂර්මා මහතා දක්වන ලද සහයෝගයට මම කෘතඥපූර්වක වෙමි.‘‘







