2013 ශ්‍රී ලංකාවේ දී පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ ජනමාධ්‍ය අමාත්‍යංශය හා ඒ සම්බන්ධ ආයතන වෙනුවෙන් රුපියල් එකසිය එකලොස් කෝටි හැත්තෑ හත් ලක්ෂයක් වැය කර ඇතැයි ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
ඇමැතිවරයා එලෙස කීවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුර දෙමිනි.

