පොදුජන පෙරමුණේ මැයි දින රැලිය ගාලු මුවදොරදී


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය ගාලු මුවදොර පිටියේ දී පැවැත්වීමට තීරණය කළ බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පරමු කාශ කළේය. ඒ සඳහා ගාලු මුවදොර පිටිය ලබාදෙන මෙන් ඉල්ලමින් පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් වරාය අධිකාරියේ සභාපතිවරයා වෙත ඉකුත් දෙවැනිදා ලිපියක් යැවු බව ද පීරිස් මහතා කීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැළිය පැවත්වීමට බලාපොරොත්තු වන බව කී පීරිස් මහතා පක්ෂයට සහාය  දක්වන අති විශාල පිරිසක් ඊට සහභාගි වනු ඇතැයි බලාපොරොත්තු වන බවද  ප්‍රකාශ කළේය.