සෞදි අරාබියේ වෙසෙන නීතී විරෝධී අනවසරික විදේශිකයින් සදහා වු පොදුසමා කාලයට සමගාමීව මේ වන විට දසදහසකට අධික ශ්‍රී ලාංකික අවතැන්වුවන් සදහා තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කර ඇති බව රියාද් තානාපති කාර්යාලය පවසයි.
රියාද් කලාපයේ පමණක් මේ වන විටත් අවතැන් වු හෝ නීතී විරෝධිව රැදී සිටින ශ්‍රී ලාංකිකයින් හයදහසකට පමණ තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කර ඇති බව ඔහු පවසයි.
ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ ආරංචි මාර්ග අනුව හාරදහසක් පමණ පිරිසකට තාවකාලික බලපත්‍ර නිකුත් කර ඇති අතර නැගෙනහිර කලාපයේ අල් කොබාර් දමාම් සහ තදාසන්න ප්‍රදේශවල වෙහෙසෙන අවතැන් වු ලාංකික ප්‍රජාවට හත්සිය පනහක් පමණ තාවකාලික බලපත්‍ර නිකුත් තැර ඇත්තේ රියාද් තානාපති කාර්යාලය මෙහෙයවන නැගෙනහිර කලාප ජංගම සේවයේදීය.
කෙසේ වුවද රියාද් කලාපයේ වෙසෙන හයදහස ඉක්ම වු ගමන් බලපත්‍ර ලබා ගත් අවතැන් වු ශ්‍රී ලාංකිකයින් අතුරින් සැලැකිය යුතු පිරිසක් මේ වන විටත් රියාද් ජත්‍යන්තර ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාව බලා පිටත්ව ගොස් සිටින නමුත් ලබා ගත් හා නිකුත් කර ඇති ගමන් බලපත්‍ර වලට සාපේක්ෂව රටින් පිටව යන්නන් ප්‍රමාණයෙහි මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කරන අතරම ආගමන විගමන කාර්යාලයට හෝ ගුවන්තොටුපළට ගොස් නැවත හරවා එවා ඇති ප්‍රමාණය සංඛ්‍යාත්මක වැඩි අගයක් ගන්නා බව පෙන්නුම් කරයි.
මේ පිළිබඳව රියාද් තානාපති කාර්යාලයයේ උසස් නිලධාරියකුගෙන් විමසීමේදී හෙළි වුයේ සෞදි රජයේ කම්කරු අමාත්‍යංශයේ හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය මගින් 2013 අප්‍රේල් මස හය වැනි දින සිට 2013 ජුලී තුනිවැනි දිනට බලපැවැත්වෙන පරිදි , නීතී විරෝධිව සෞදි අරාබියේ රැදී සිටින විදේශිකයින් හට සෞදි අරාබියෙන් පිටවීමට හෝ තම ලියකියවිලි නිවැරදි කරමින් නව සාමාජිකයකු ලෙස නිත්‍යනුකූලව සෞදි අරාබියයේ රැකියාවක් කිරීමට අවශ්‍ය පසුතල සකසා ගන්නා ලෙසයි.
කෙසේ වුවද මේ වන විට ලබා දී ඇති පොදු සමා කාලයේ දින වකවානු ක්‍රමයෙන් ඉක්ම යනු නමුත් සෞදි අරාබියෙන් පිටවීම සදහා නිවැරදි සාර්ථක ක්‍රමවේදයන් නැතැයි කියති.
සෞදි අරාබියට පැමිනෙන විට සන්තකයේ තිබු ගමන් බලපත්‍රයේ වීසා පිටුවේ පිටපතක් හෝ ඉක්වා කාඩ් පතෙහි පිටපතක් ඇත්නම් පමණක් සෞදියන් පිටවීමට පහසුකම් ලබා දෙන බව පැවසීමෙන් විදේශිකයෝවිශාල ප්‍රශ්නයකට මුහුණ දී සිටිති.
මේ හේතුව මත තානාපති කාර්යාල මගින් ගමන් බලපත්‍ර ලබා දුන්නද දැනටමත් රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් අවතැන් වු කාන්තාවන් එක්දහස් පන්සීයකට පමන තාවකාලිකව ගමන් බලපත්‍ර ලබා දී ඇති නමුත් එම ගමන් බලපත්‍ර සමග රියාද් ආගම විගමන කාර්යාල වෙත ගිය විට බොහෝ විවිධ අඩුපාඩු හා විවිධ හේතු මත හරවා එවා ඇත.
ඒ පිළිබදව සොයා බැලු රියාද් තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක අනුර මුතුමාල මහතා එම කාන්තාවන් නැවත තානාපති කාර්යාල වෙත කැඳවා නිලධාරීන්ගේ සෘජු මැදිහත්වීමෙන් කාන්තාවන් කණ්ඩායම් ලෙස ලංකාවට යැවීමට පියවර ගන්නා බවද වාර්තා වේ.
රියාද් කලාපයේ තත්ත්වය මෙසේ පවතිද්දී ජෙඩාහි පිහිටි කොන්සියුලර් කාර්යාලයයේ අවතැන් වුවන් තුන්දහසකට අධික පිරිසකට තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කැර තිබුණද ජෙඩා ආගමන විගමන නිලධාරීන්ගේ මන්දගාමී ස්වරූපය හේතුවෙන් එක් දිනක් අතුලත දසදෙනකුට තරම්වත් පිරිසකට ශ්‍රී ලංකාව බලා පිටත්විමට නොහැකි තත්ත්වයක් පවතින බව ජෙඩා කොන්සියුලර් කාර්යාලීය සම්බන්ධීකරණ සමාජ සේවකයකු වන නිමල් එඩේරමුල්ල මහතා පවසයි.
මේ අතර ලබා දි ඇති පොදු සමා කාලයට සමගාමීව සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ අවතැන් වු හෝ අනවසරයෙන් රැදී සිටින යැයි අනුමාන කෙරෙන තුනදහසකට අධික පිරිසෙන් හත්සිය පනහක් පමණ රියාද් තානාපති කාර්යාලය මගින් ගමන් බලපත්‍ර නිකුත් කැර තිබුණද මේ වන තෙක් කිසිදු ශ්‍රී ලාංකිකයකු දමාම් ගුවන්තොටුපළ හරහා මව් බිමට ගොස් නොමැති අතර ඒ පිළිබඳව කරුණු සොයා බැලීමට තානාපති කාර්යාලයයේ නිලධාරීන් පිරිසක් පසුගිය 18 වැනි දා දමාම් ආගමන විගමන කාර්යාලට ගියහ.
අනවසරික විදේශිකයින් සදහා පොදු සමා කාලයක් ලබා දී ඇති නමුත් නීතී විරෝධිව රැදී සිටින විදේශිකයින් පිළිබඳව ගත යුතු පියවර පිළිබඳව මෙතෙක් නිළ දැනුම් දිමක් ලැබී නොමැති බැවින් දමාම් කලාපයේ කිසිදු අනවසරිකයකුට රටින් පිටවීමට අවසර ලබා දීමට නොහැකි බව මෙහීදී ඔවුනට කියා ඇත.
එසේ වුවද සාමාන්‍ය නීතිය යටතේ නීතී විරෝධිව සෞදි අරාබියේ රැදී සිටින ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට පත් වුවහොත් එම පුද්ගලයින් පිළිබඳව නීතීය ක්‍රියාත්මක කර රටෙන් පිට කිරීමට හෝ රදවා තබා ගනීමේ නීතීමය තත්වය තව ආයතනය සතුව ඇති බවද ඔවුන් කියා ඇත.
මේ පිළිබධව රියාද් තනාපති කාර්යාලයයේ බලධාරීන්ගෙන් විමසීමේදී හෙළි වුයේ නැගෙනහිර කලාපයේ නීතීමය තත්වයන් පිළිබඳව තානාපති කාර්යාලය සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය හා කම්කරු අමාත්‍යංශට ලිඛිතව හා වාචිකව කරුණු ඉදිරිපත් කැර ඇති බවයි. ඉදිරිදින කිහිපය ඇතුළතදී යම් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔවුහු කීය.
කෙසේ වුවද රියාද් තානාපති කාර්යාලයයේ නිලධාරීන් දවසේ පැය 18 කට වැඩි කාලයක් යොදවමින් අලුයම දෙක පමණ වන තුරු ශ්‍රී ලංකා ප්‍රජාව වෙනුවෙන් ගමන් බලපත්‍ර නිකුත් කැරෙන අතර රියාද් ප්‍රදේශයේ හෝ බාහිරව හෝ පිහිටි ගසීම් බුරෙයිඩා හයෙල් ,සකාතා, වැනිඅ සැතපුම් දහස් ගණනින් දුර ප්‍රදේශවලද ජංගම සේවාවක් පවත්වමින් ගමන්බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බවද වාර්ථාවේ.
පොදු සමා කාලයට සමගාමීව ලබා දී ඇති ගමන් බලපත්‍ර ප්‍රමාණය අනුව මෙතෙක් සෞදි අරාබියෙන් පිටත්ව ගොස් ඇති ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රමාණය ඉතා සුළුතරයක් වීම තුලින් තානාපති කාර්යාලයයේ නිලධාරීන්ද උභතෝකෝටික ප්‍රශ්නයකට මැදිහත්වී ඇත.
මේ සදහා පොදු විසදුමක් ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලේඛනගත කැර ඇති සෞදි අරාබිය බලා ගොස් සිටින හා අවතැන්ව සිටින පුද්ගලයින් වීසා සටහන් කර ඇති ගමන් බලපතේ පිටපතක් කඩිනමින් තානාපති කාර්යාලය වෙත ලබා දීමට වැඩපිළිවෙළක් දියත් කරන්නේ නම් සියළු අවතැන් වුවන් ලංකාවට ගෙන්වා ගැනීමට හැකි බව කියති.