මෝල්ටාවේ පැවැත්වෙන 24 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වීම සඳහා සිය වල්ලභ කුමාරයා වන පිලිප් කුමරු සමග මෝල්ටාවට සම්ප්‍රාප්ත වූ එළිසබෙත් මහ රැජන (89) මෝල්ටා අගනුවර දී මහත් හරසරින් පිළිගත් ගැණිනි.
පොදු රාජ්‍ය මණ්ඩලීය වත්මන් සභාපති ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එහි සිටින රාජ්‍ය නායකයන් 35 දෙනා අතර වේ.
පොදුරාජ්‍ය මණ්ඩලීය නායිකාව වන මහ රැජනගේ ප්‍රධානත්වයෙන් අද සමුළුව ඇරැඹේ. ‘ ජගත් හරය එකතු කිරීම‘ මෙම සමුළුවේ තේමා පාඨයයි.
පොදුරාජ්‍ය මණ්ඩලීය වත්මන් සභාපති ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන අද සමුළු සභාපති ධුරය මෝල්ටා අගමැති ජෝෂප් මස්කට් මහතාට පැවරීමට නියමිතය.
මේල්ටාවේ වේලාව දැන ගැනීමට ග්‍රිනිච් මධ්‍යහ්න වේලාවට පැයක් එකතු කළ යුතුවේ. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 17 සිට 22 දක්වා උෂ්ණත්වයක් මෝල්ටාවේ මේ දිනවල පවතී.













