පොදු රද මඩුළු ‘රැජිනගේ යෂ්ටිය‘ ලංකාවට ගෙනෙයි


ස්කොට්ලන්තයේ ග්ලාස්කෝ නුවරදී 2014 ජුලි 23 වෙනිදා ආරම්භ වන 20 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ   ‘රැජිනගේ  යෂ්ටිය‘  අද  සවස ශ‍්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.

මෙය පොදු රාජය මන්ඩලයේ සාමාජිකත්වය දරන රටවල් හරහා ගෙන යන දුත පිරිසේ  ප්‍රධානියා වන ලුයිස් රෝසා  මහතා විසින්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී    ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වල් දි සිල්වා මහතා වෙක බාර දෙනු ලැබීය.

ක‍්‍රීඩා උළෙල ඇරඹීමට පෙර දින 248 ක් පුරා  මෙම යෂ්ටිය  සියළු  පොදු රාජ්‍ය  මන්ඩලයේ සාමාජිකත්වය දරන රටවල් 70 ක් හරහා රැගෙන  යාමට නියමිතය.