පොදු රද මඩුළු සමුළුව ලංකාවේ


මෙවර පොදු රාජ්‍ය මණ්ඩල රජ්‍ය නායක සමුළුව මේ වසරේ නොවැම්බරයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අද තීරණය කෙළේය.

ලන්ඩන් නුවර පොදු රාජ්‍ය මණ්ඩල විදේශ අමාත්‍ය ක්‍රියාකාරී කමිටු රැස්වීමේදී මෙම තීරණයට එළැඹීයේය. රටවල් 9ක  පොදු රාජ්‍ය මණ්ඩල විදේශ අමාත්‍යවරු ඊට සහභාගී වූහ. සභාපති බංගලාදේශ විදේශ ඇමැති ආචාර්ය දීප මොන් මහතාය. උප සභාපති ඕස්ට්‍රේලියා විදේශ අමාත්‍ය බොබ් කාර්, මහලේකම් කමලේෂ් ෂර්මා සහ ප්‍රකාශක රිචඩ්වුකු යන මහත්වරු පවත්වනු ලැබූ  මාධ්‍ය හමුවදී මේ තීරණය ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාවේ අයහපත් මානව හිමිකම් වාර්තාවක් නිසා පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ශ්‍රී ලංකාවේ නොපවත්වන ලෙස රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක්ම විදේශ අමාත්‍ය කමිටුවෙන් ඉල්ලා සිටි අතර ශ්‍රී ලංකව  පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවෙන් තහනම් කරන ලෙස පොදු රාජ්‍ය මණ්ඩල නීතිවේදීන්ගේ සංගම් ද බලපෑම් කෙළේය.