23 වැනි පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට පෙරහුරුවක් කොළඹ නෙළුම් පොකුණේදී අද උදෑසන පැවැත්විණි.
එහිදී විදේශ රාජ්‍ය නායකයින් පිළිගැනීමට පාසල් දරු දැරියෝ ජාතික ධජ ලෙළ වුහ.
ත්‍රිවිධ හමුදා හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ පෙරදිග වාදන ශිල්පීහු විසින් මඟුල් බෙර වැයුහ.
මෙම පෙරහුරුව නීරීක්ෂණය කිරීමට ජනපති මහින්ද රාජපක්ෂ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ,ජනපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු ද ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ප්‍රභූහුද සහභාගී වුහ.