ලාහුගල ප්‍රාථමික විදුහලක අවුලක් සම්බන්ධයෙන් විරෝධතා පාගමනකට එක්වූ පිරිසක් සියඹලාණ්ඩුවේදී ලංකාදීප පොතුවිල මාධ්‍යවේදී යූ විජේසිංහ මහතාට බැන තර්ජනය කළැයි සියඹලාණ්ඩුව පොලිසියට පැමිණිලි කර ඇත.
මහජනයා ඉදිරියේ තමාට ඔවුන් අපහාස කළ බවත්, ඊට හේතුව නොදන්නා බවත් ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.