පොතුවිල ගම් දෙකකට පැරිස් අතහිත


ප‍්‍රංශයේ සූර්ය උදාව ළමා සුභ සාධක සංවිධානය විසින් තෙවැනි වරටත් පවත්වන නාට්‍ය තරගාවලිය මෙවරද උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට යයි. පසුගිය වසරවල මෙන් මෙවරද නාට්‍ය උළෙලේ ප‍්‍රතිලාභ යුද බියෙන් මිදුණු නැගෙනහිර පළාතේ පොතුවිල්හි ඈත පිටිසර ඉගෙනුම ලබන අසරණ දරුවන්ගේ නැණ නුවණ වැඞීමේ මහගු කටයුත්ත වැඩි දියුණු කිරීම උදෙසා පිරිනමන බව සංවිධායකයෝ කියති.

මැයි පස් වැනි ඉරුදින සවස තුනට නාට්‍ය උළෙල ඇරැඹිමට නියමිතය. නුතන නට්‍ය කලාවේ පියා ලෙස සැළකෙන මහදුරු එදිරිවීර සරත් චන්ද්‍රයන් වෙනුවෙන් සිදුකරන උපහාරය හා කලා සහෘදයන් ස්මරණය කොට සරස්වතී අනුමෝදනා, නුර්ති ගී හඬින්, නර්තනයෙන් එදින නාට්‍ය උළෙල ආලෝකමත් කිරීමට පැරීසියේ වේදිකාව සුදානමින් සිටියි.එදින  වේදිකාව ශ්‍රී ලංකාවේ සුප‍්‍රසිද්ධ නාට්‍ය චරිත වූ බෝගල සව්න්දිරිස් පාදඩ අසපුවේ නායකයා, මහ සමයමේ  ගෝඨයිම්බර , සුභ සහ යස නාට්‍යයේ යසලාලක රජු යන චරිත වලට පණ දුන් ප‍්‍රවීණ නාට්‍ය ශිල්පී ශ‍්‍රියන්ත මෙන්ඩිස් කලා කරුවාගේ රංගනයෙන්  වේදිකාව මනහර වෙයි.‘ සුදු පාට මීදුම් ගලාලා පැරීසියේ කන්දේ හැපීලා,‘ තක්කිට තරිකිටයෙන් රීදි රේඛාවේ සුමිහිරි ගී රාවයන් එක්කල ශ‍්‍රියන්ත මෙන්ඩිස්ගේ රැඟුම් දැක බලා ගැනීමට පැරීසියේ කලා ලෝලීන්ට අවස්ථාව උදා වී ඇත.

ශ්‍රී ලංකාවේ ජනප‍්‍රිය නාට්‍යයක් වූ පරාස්සයේ ශ‍්‍රියන්තගේ යක්ෂ හඩේ දෝංකාරය  පැරිස් වේදිකාවේදී දැකිය හැකිය.