නැගෙනහිර පළාත් සභාවේ ප්‍රබලයකුගේ ජනපතිවරණ ප්‍රචාරක කාර්යාලයක ඡන්ද අල්ලස් වශයෙන් පෙර පාසල් දරුවනට බෙදා දීමට ගෙනා බව කියන පොත් පත් මැතිවරණ නිලධාරීන්ද සමග ගොස් අත් අඩංගුවට ගත් බව කන්තලේ පොලිසිය කියයි.
තැපැල් ඡන්දය පැවති දිනයේ පොත් පත් බෙදාදීම ගැන ත්‍රිකුණාමල සහකාර මැතිවරණ කොමසාරිස්ට ලැබුණු පැමිණිල්ලක් අනුව ඔහු පොලිසිය සමග එහි ගිය බවත් එසේ යනවිට පොත් බෙදා දුන් අයද පොත් ගැනීමට පැමිණි අයද හිස් ලූ ලූ අත දිවූ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
පොත් ලබා ගන්නා අයට වාඩිවීම සඳහා එහි තිබුණු පුටු 250ක්ද පොත් පත්ද රැගෙන ගිය බව පොලිසිය කියයි.

