පොඩිනිළමේ කළුරිය කරයි


කැබිනට් නොවන අමාත්‍යවරයකු හා සබරගමුව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයකු මෙන්ම සබරගමුව පළාත් සභාවේ නි‍යෝජ්‍ය සභාපතිවරයා ද වූ ජයතිලක පොඩිනිලමේ මහතා කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්තවිය.

1993 සිට 1999 දක්වා සබරගමුව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඒ මහතා 2001 පිහිටවූ එක්සත් ජාතික පක්ෂ රජයේ වයඹ සංවර්ධනය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යවරයා  වූවේය. 2008 දී යළි සබරගමුව පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරමින් ජයග්‍රහණය කළ ඒ මහතා ආණ්ඩුපක්ෂය සමග එක්වී පළාත් සභාවේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.