පොඩි සුදාගේ සිව් වැනි ගෝලයාත් අල්ලයි


කුඩු ජාවාරම් සම්බන්ධයෙන් සැකපිට කළුතර රිමාන්ඩ් බන්ධනාගාරයේ  සිටින පොඩි සුදාගේ සිව් වැනි ගෝලයාත් හෙරොයින් කුඩු මිලි ග්‍රෑම් 2600 ක් සමග මොරටු මෝදරදී අත්අඩංගුවට ගනු ලැබීය. මොරටුව හා අවට කුඩු ඒජන්ත ලෙස ඔහු ක්‍රියා කැර ඇතැයි පොලීසිය කියයි.

 කොළඹ මෙහෙයුම් අඥාපති මුලස්ථානයෙන් ලද තොරතුරත් මත මොරටුව පොලිස් ස්ථානාධිපති අමල් එදිරිමාන්න මහතා වැටලීම මෙහෙයවීය.