(ඩී.ජී.සුගතපාල)
බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන අරුමාහන්දි ජනිත් මධුසංකද සිල්වා හෙවත් ‘පොඩි ලැසි’ නමැති සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යටතේ දින 90ක් රඳවා තබාගෙන වැඩිදුර විමර්ශණය කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (15) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අධිකරණයට කරන ලද කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරයා ‘පොඩි ලැසි’ නමැති සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යටතට බාර දෙන ලෙස බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ද නිකුත් කළේය.
මත්ද්‍රව්‍ය ගිනිඅවි මනුෂ්‍ය ඝාතන ආදිය සම්බන්ධයෙන් 1979 අංක 15 දරණ ත්‍රස්තවාදය වැළැක්විමේ පනතේ 124වන වගන්තිය යටතේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත්කර ඇති නියෝගය පරිදි සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් සහකාර පොලිස් අධිකාරිවරයා ඉල්ලා සිටියේය.
ඒ අනුව කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරයා පොඩි ලැසි නමැති සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාරයට පත් කරන ලෙස බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කලේය.
ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින්ට මරණිය තර්ජන එල්ල කිරිම සම්බන්ධ නඩුවේ 2 වන සැකකරු ලෙස පොඩි ලැසි නම්කර ඇති අතර ඔහු මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටී.
ඒ පිළිබඳ නඩුව හෙට (16)ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනිමට නියමිතය.

