පොඩි පක්ෂ නායකයොත් මහින්ද හමුවෙති


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාල්ටන් නිවසට මන්ත්‍රීන් 13 දෙනකු පැමිණ ඇතැයිද මේ මොහොතේ රාජපක්ෂ මහතා සහ ඔවුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවද දේශපාලන ආරංචි කියයි.

විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ටී.බී.ඒකනායක, කුමාර වෙල්ගම, අරුන්දික ප්‍රනාන්දු, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, සේනක විදානගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සරත් වීරසේකර, මහින්දානන්ද අලුත්ගමගේ සහ සාලින්ද දිසානායක යන මන්ත්‍රීවරු එහි ගොස් සිටිතැයි කියති.