මං පුංචි කාලයේ ඉඳලා හැදුණෙ බාලිකාවක.
ආ... කලබලයට වැරදි එකයි කියැවුණේ.
පුංචි කාලයේ ඉඳන් මං හැදුණෙ බාලිකාවට අල්ලපු ගෙදර.
ඉතිං මං පුංචි කාලයේ ඉඳලා වැඩිපුර උන්නෙ, ගැහැණු ළමයින්ගෙ ඔඩොක්කුවල. ඉතිං මට හිතෙන්නෙ තවමත් මං ගැහැණු ළමයෙක් කියලයි.
මෙහෙම කියන්නෙ පේ‍්‍රම්කුමාර්. ඔහු ඒ විදියට කියන්නෙ ඬේසිට. අන්තිමට පේ‍්‍රම්කුමාර් මෙන්න මේ විදියටත් කියනවා.
”මගේ අංකය 168. ලෝරන්ස්ගෙයි - ඬේසිගෙයි කසාදෙ කෙරුණේ නැහැ.
මට හරි සතුටුයි ඇත්තටම මං මගේ ඬේසිට පණටත් වඩා ආදරෙයි.”
පේ‍්‍රම්කුමාර් ලෙස මේ විදියට චරිත රංගනයක යෙදෙන්නෙ සම්පත් ජයවීරයි. ඔහුගෙ ඒ අපූරු රංගනය අපට දැකගත හැකිවන්නේ, ලෝරන්ස්ගෙ මනමාලි නාට්‍යය සමගයි. ඒ අපූරු චරිතයට අමතරව, සම්පත් රූපවාහිනි තිරයේ විකාශය කෙරෙන විෂ්ණු සංක‍්‍රාන්තිය, හඳුනා ගත්තොත් ඔබ මා හුස්ම සහ ඔක්සිජන් යන ටෙලිනාට්‍ය සමග අප හමුවට පැමිණෙනවා. මේ හැම දෙයක් ගැනම අපි සම්පත් සමග ටිකක් කතා බහකරමු.
සම්පත්, මේ දිනවල රඟපාන මේ චරිත අතරින් ඔබට වැඩිපුර ප‍්‍රතිචාර ලැබෙන්නෙ?
හුස්ම සහ ඔක්සිජන් ටෙලි නාට්‍යයේ චරිතයට වගේම ”ලෝරන්ස්ගෙ මනමාලි” නාට්‍යයේ සජීවී අත්දැකීමටත් බොහෝදෙනා ප‍්‍රිය කරන වග පෙනෙනවා.
සම්පත් ජයවීර කියන ඔබ, නළුවකු වුණේ කොහොමද?
පාසැල් අධ්‍යාපනය හමාර වුණාට පසුව ජාතික තරුණ සේවා සභාවට සම්බන්ධවී රංග කලා අංශයෙන් නාට්‍ය හා රංග කලාව ගැන පාඨමාලාවක් හැදෑරුවා. ඒ විදියට පටන් ගත්ත ගමන තමයි මේ

ඒ කාලයේදී වෙන රැකියාවක් ගැන හිතුවෙ නැද්ද?
රස්සාවක් කරන්න හිතුණා. නමුත් නළුවකු වීමේ අදහස තමයි ඇතුළාන්තයේ තිබුණෙ. නළුවකුට එහා ගිය රංග ශිල්පියකු කියන තැනට ආවේ.
නළුවා සහ රංග ශිල්පියා අතර වෙනස?
ඒක හරි සරලයිනෙ. නළුවෝ සෑම තැනකදීම හමුවේවි. බස් හෝල්ට් එකේ ඉඳලා ඕනෑ තැනක සිටින්න පුළුවනි. නමුත් රංග ශිල්පියා යනු ඊට වඩා වෙනස් රංගනයට සහ රංග කලාවට වැදගත් වන චරිතයක්.
එතැනින් එහාට ඔබට පුද්ගලික ජීවිතය ගැන කිව්වොත්?
මම විවාහකයි. බිරිඳගෙ නම රුවිනි. සිරස ගුවන් විදුලියේ සේවය කරන්නෙ. අපට පුතෙක් සිටිනවා. පුතාගෙ නම මේඛන ආදිත්‍ය.
සම්පත්ගෙ ජීවිතය අද ගෙවෙන්නෙ මොන විදියටද?
සංකීර්ණ නැහැ. සමාජයට ඉතිරි කළ දෙයක් සමග සරලව ජීවිතය ගලාගෙන යනවා. සජීවීව අද ලෝරන්ස්ගෙ මනමාලි නාට්‍යය වෙතින් ලබන ප‍්‍රතිචාර එහි රඟපාන අපි හැමෝටම අමුතු ජීවයක් ගෙන දෙනවා. බොළඳ මට්ටමින් තොරව එකිනෙකාගෙ අභිමතාර්ථ වලට වඩා ගුණාත්මක නාට්‍යයක් හැටියට පවත්වාගෙන යන ඒ නාට්‍යයට දර්ශන වාර 50 පිරෙන්නෙ මෙම 14 වැනිදාටයි. එදාට ලයනල් වෙන්ඞ්ට් රංග ශාලාවේදී සවස 3.30 ට සහ 6.30 ට මේ නාට්‍ය වේදිකාගත වෙනවා. ඊටත් අමතරව එය නිමිති කරගෙන ප‍්‍රවීණ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් කීපදෙනෙකුට මෙම නාට්‍ය කණ්ඩායමේ අපි විසින් උපහාර සම්මාන උළෙලක්ද පවත්වනවා.
මේ නාට්‍යයේ පේ‍්‍රම්කුමාර් ගැන ඔබට හැෙඟන්නෙ මොන විදියටද?
අවංක ගම්බද පේ‍්‍රමය ගැන ලොකු කැපකිරීමක් කරන, එය ජයගන්න උත්සාහ කරන තරුණයෙක්.
පේ‍්‍රම්කුමාර් ඬේසිට (දුලීකාට) කියන අපූරු දෙබස් අතරින් ඔබට එක්වර මතකයට එන දෙබස් කිව්වොත්?
මම ආපහු ඬේසිව හොයාගෙන ඇවිල්ලා, එයාව බඳින්න ඕනෑ කියලා එයාගෙ මමීට කිව්වා, වාසනාවකට වගේ එයාලා ඒකට කැමති වුණා. අර මෙලෝගෙ කැමැත්ත ගන්න රුපියල් 5000 ක් විතරයි මට ගියේ. අන්න දැන් ඒකා කොරියාවේ රස්සාවක. කොහොම හරි අන්තිමට මට මගේ ඬේසිව ලැබුණා. අද අපි දෙන්නගෙ වෙඩින් එක.
ලෝරා ඇන්ටිට කාරයක් නැහැලූ. මල්සර අංකල් බලා ගන්නම් කිව්වෙ.
එයාලා පල්ලිය ළඟ බලාගෙන ඉන්නවා. මං සුරුස් ගාලා යන්න ඕනෑ. ආ එක දෙයක් කියන්න අමතක වුණා. ”එදා අර වතුර ලයින් එක කැපුවෙ මං”
මෙහෙම කියන මේ පේ‍්‍රම්කුමාර්ට (ඔබට) බිරිඳගෙන් ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?
ඇය සාමාන්‍ය බිරිඳක්. මට සහයෝගය දෙනවා. වෙනත් චරිතයක් ලෙස අපි දෙන්නා සමාජ ගත වෙලා නැහැ. සරලයි සාමාන්‍යයයි.





