අන්තර් පාසල් වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ මහනුවර ධර්මරාජ, කොළඹ ශාන්ත ජෝශප් සහ ඉසිපතන යන විදුහල් සහභාගි වන රග්බි තරග පේ‍්‍රක්‍ෂකයන්ගෙන් තොරව පවත්වන්නේ නම් විනිසුරුවන්ගේ සේවය ලබාදීමට ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමයේ විධායක කමිටුව තීරණය කර තිබේ.
ධර්මරාජ විදුහල සහ ශාන්ත ජෝශප් විදුහල අතර පසුගිය සතියේ පැවැති තරගය අවසානයේ පේ‍්‍රක්‍ෂකයන් පිරිසක් විනිසුරුවන්ට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් විනිසුරුවෝ පාසල් රග්බි තරගවලින් ඉවත්වීම හේතුවෙන් පසුගිය සතියේ සෙසු තරග පැවැත්වීමට ද නොහැකි විය.
කී‍්‍රඩකයන්ගේ දෙමව්පියන්ද තරගයට නොපාමිණිය යුතුයැයි විනිසුරුවරු කියති.