පේරාදෙනි සිසුහු ගුටි කෙළියක : ඇදුරන්ටත් වදියි


පේරාදෙනිය විශ්ව විද්‍යාලයයේ විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු තුවාල ලැබූ 11 දෙනකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

ඩෙංගු රෝග නිවාරණ වැඩ සටහනක ශ්‍රමදානයක් අතරතුර මෙම ගැටුම හටගෙන ඇතැයි පොලිසිය පවසයි.

ගැටුම බේරීමට මැදිහත් වූ ආචාර්යවරු කිහිප දෙනෙක්ද ප්‍රහාරයට ලක්වූහ.