පේරාදෙණිය සරසවි ආචාර්යවරු- නිලධාරින් කෝටි 24ක් පොලු තියලා


 (ජේ.කේ.එල්. චාමින්ද)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  බැදුම්කර හා ගිවිසුම් කඩකිරිම හේතුවෙන්  ආචාර්යවරුන් හා අනිකුත්  නිලධාරින් 122 දෙනෙකුගෙන්  අයවිය යුතු  රුපියල් 240,944,708  මුදලක් අයකරගැනිම සදහා  විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

ආචාර්යවරුන් හා අනිකුත්  නිලධාරින් 122 දෙනාගෙන් අයවියයුතු මෙකි මුදල ඉකුත් වර්ෂයේ (2024)  සැප්තැම්බර් මස 30 වැනිදින දක්වා වනවිටත් අයකරගෙන නොතිබුණි. වසර 02 සිට  වසර 52 දක්වා කාලයට  අදාළව මෙකි මුදල අයවිමට තිබුණි.

 මෙම නිලධාරින්ගේ  අර්ථසාධක අරමුදල්වල  ශේෂයන් සහ  බැදුම්කර වටිනාකම්වල ශේෂයන්  ගණනය කර අදාළ අයකිරිම් සදහා  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන, කොමිසම් සභාව වෙත ඉල්ලිමක් කිරිමට නියමිත ඇති බැව් පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් විගණනයට සදහන් කොටඇත.

විශ්වවිද්‍යාල සම්බන්දයෙන් විගණකාධිපතිවරයා විසින් නිකුත්කොට ඇති  ත්‍රෛවාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුලත්ව  ඇත.