පේරාදෙණිය රෝහලේ වෘත්තීය සංගම් තුනක හෙද හෙදියන් අද (09) උදැසන ආරම්භ කළ සේවා වර්ඡනය නවතා දැමු බව රඡයේ හෙද නිළධාරින්ගේ සංගමයේ පේරාදෙණිය සංවිධායක මංජුල රණතුංග මහතා පැවැසිය.
රඡයේ හෙද නිළධාරින්ගේ සංගමය,රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය හා සමස්ථ ලංකා හෙද සංගමය මෙම වැඩ වර්ජනයට එක්වූහ.
අද පැවැති සාකච්ඡාවකදී තම ඉල්ලීම් ලබා දිමට පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ. හේරත් පොරොන්දු වු නිසා වැඩ වර්ජනය අවසන් කළ බව ඔවුහු කියති.
පෙරවරු 11.04
අනතුරු දීමනා පැහැර හැරීම, චක්‍ර ලේඛ නිසිලෙස ක්‍රියාත්මක නොකිරීම, හෙද පරිපාලනය ක්‍රමවත් කිරීම ඇතුළු ඉල්ලීම් 7 ක් ඉටුකරන ලෙස ඉල්ලා පේරාදෙණිය රෝහලේ හෙද හෙදියෝ අද (9) වර්ජනයක් ඇරඹූහ.
හදිසි අනතුරු සේවාවන් පමණක් ඉටු කරන බව ඔවුහු කියති.
මීට පෙර අවස්ථා කිහිපයකදීම රෝහල් අධ්‍යක්ෂවරයාගේ මැදිහත් වීමෙන් මෙම ඉල්ලීම් ලබා දීමට පොරොන්දු වුවත් මේ දක්වා එම පොරොන්දු ඉටු කර නැතැයි ඔවුහු සඳහන් කරති.