පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදුරු විද්‍යාර්ථීන් පිරිසක් වසර 20 ට පසු දෙල්තොට රාවණාගම විවේකාශ්‍රම බෞද්ධ කේන්ද්‍රයේ දහම් පාසල් සිසු සිසුවියන්ට හා දායක දායිකාවන්ට සිල් රෙදි සහ දහම් පාසල් පොත් පත් රැගෙන පුන් පෝදා පැමිණීම මහත් කුසල කර්මයක් බව දෙල්තොට රාවණාගම විවේකාශ්‍රම බෞද්ධ කේන්ද්‍රයේ විහාරාධිපති ශාස්ත්‍රපති අනුරාධපුර බුද්ධශාවක විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය පූජ්‍ය මීගහඡදුරේ පුඤ්ඤරතන හිමියෝ පවැසුහ.
1994 දී පේරාදෙණි විශ්වවිද්‍යාලයේ අධ්‍යපනය හදෑරූ මෙම පිරිස 2016 වන විට වෛද්‍යවරු නිතීඥ්ඥයින් හා රඡයේ ඉහළ තනතුරු වල සිටියදී විහාරයට හා විහාරයේ දහම් පාසල් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට පොත් පත් හා තවත් අධ්‍යාපනික උපකරන හා පුන් පොහෝ දා සීල කර්මයේ යෙදෙන උපාසක උපාසිකාවන්ට සිල් රෙද් බෙදා දිමි මහත් ගෞරවයක් බවත් පූඡ්‍ය මීගහදඡුරේ පුඤ්ඤරථන හිමියෝ පැවැසුහ.





