පේරාදෙණි රෝහලේ දරු ප්‍රසූතියට එන මවුවරුනට හොරෙන් වඳ සැත්කම් කළැයි කියන ආධුනික වෛද්‍යවරුන් දෙදෙනකු ගැන පැය 48ක් ඇතුළත පරීක්ෂණයක් අරඹන බව වෛද්‍ය අධිකාරී දොස්තර චන්ද්‍රා ගුණතිලක මහත්මිය කියන්නීය.
මේ වෛද්‍යවරුන් දෙදෙනාගේ සදාචාර විරෝධී ක්‍රියාවට එරෙහිව ජාතික හෙළ උරුමය අද රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹීය.
මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තුෂාර ස්වර්ණතිලක හා උඩුදුම්බර ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමරවංශ වීරරත්න මහත්වරු අධ්‍යක්ෂවරියට මේ ගැන පැමිණිලි කළහ.
තමාට ද එවැනි තොරතුරු ලැබී ඇතැයි ඇය කීවාය. ප්‍රසව වේදනාවෙන් කෑ ගැසූ මවකට එම ආධුනික වෛද්‍යවරුන්ගෙන් කෙනකු පහරදුන්නැයි කියන සිද්ධියක් ගැන ද රෝහලට පැමිණිලි ලැබී තිබේ.
වැරදිකරුවන් වුවහොත් ඔවුනට එරෙහිව පියවර ගන්නා බව ඇය එම මන්ත්‍රීවරුනට කීවාය.