
(හැටන් රංජිත් රාජපක්ෂ )
නෝටන්බ්‍රිජ් දියගල මාර්ගයේ සිදු වු බස් රථ අනතුරෙන් පසු බස් රථයට යට වි සිටි තරුණයෙකුගේ සිරුරක් අද (20) ලක්ෂපාන යුද හමුදා කදවුරේ භට පිරිස් සහ නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් විසින් සොයාගනු ලැබුහ.
මෙසේ සොයාගනු ලැබුවේ හික්කඩුව කලුපේ ප්‍රදේශයේ පදිංචි ඩිලාන් කෞෂල්‍ය (33) හැවිරිදි තරුණයකුගේ සිරුර බව පොලීසිය කියයි.
බස් රථ අනතුරෙන් 26 දෙනෙකු තුවාල ලබා තරුණියන් දෙදෙනෙකු ඊයේ (19) රාත්‍රි ජිවිතක්ෂයට පත් වි සිටි අතර , එම බස් රථයේ පැමිණි එක් අයෙකු අතුරුදහන් වි ඇති බවට සැල විමත් සමග අද (20) උදැසන යුද හමුදා භට පිරිස් සහ පොලිස් නිලධාරින් එක්ව බස් රථය පරික්ෂා කිරිමේදි අතුරුදහන්ව සිටි බස් රථයේ පැමිණි තරුණයාගේ සිරුර සොයාගනු ලැබුහ.
බස් රථයට යට වි මියගොස් සිටි තරුණයාගේ සිරුර වටවල ප්‍රාදේශිය රෝහල වෙත යොමු කිරිමට ආරක්ෂක අංශ නිලධාරින් පියවර ගැණින.

