(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ රන්දෝලි පෙරහැර නැරඹීමට පැමිණි කාන්තාවක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි බොරලැස්ගමුව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි ස්වර්ණ කුමාරි පිලිගම නැමැති හැට එක් හැවිරිදි කාන්තාවකි
බෙල්ලන්විල හංදියේ පෙරහැර වෙනුවෙන් යොදවා තිබූ විදුලි පහන් කණුවක් ස්පර්ෂ කිරීම හේතුවෙන් විදුලි සැර වැදී ඇති බව පොලීසිය සඳහන් කරයි
විදුලි සැර වැදුනු වැදුණු කාන්තාව ඒ මොහොතේම ශාන්ත ජෝන් ගිලන් රථ සේවාව මඟින් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.බොරලැස්ගමුව පොලීසිය පරීක්ෂණ පවත්වයි

