සබරගමු පළාතේ ඇතැම් පෙර පාසල් මවුපියන්ගෙන් අසීමිත ලෙස මුදල් එකතු කිරීම සම්බනධව පැමිණිල්ලක් ලදහොත් ඒ ගැන වහාම පරීකෂණ පවත්වා විනයානුකූල පියවරගන්නා බව සබරගමු පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී කුලරත්න මහතා කියයි.
ප්‍රධාන ලේකම් මේ බව පැවසුවේ ඇතැම් පුර්ව ළමාවිය මධ්‍යස්ථාන වලින් මවුපියන් සුරාකෑමට ලක්ව ඇතිබවට මව්පියන් නඟන චෝදනාගැන ඇසු අවස්ථාවේදීය.
සබරගමුව පළාත් සභාව ප්‍රඥප්තියක් මගින් පුර්ව ළමාවිය මධ්‍යස්ථාන නියාමනය කිරිම ස`දහා බලතල ලබාගෙන ඇතිබවද ප්‍රධාන ලේකම්වරයා පවසයි.