පෙරටුගාමීහු මානව හිමිකම් කොමිසමට යති


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර ගුණරත්නම්ට ලංකාවට පැමණීමට ඇති ඉඩ කඩ සිතා මතා අවහිර කරතියි කියමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව සහ මධ්‍යම කාරක සභික චමීර කොස්වත්ත මහත්වරු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළහ.

වසර දෙක හමාරකට පෙර පැහැරගෙන ගොස් රටින් පිටුවහල් කළ ගුණරත්නම් ලංකාවට ගෙන්වා ගැනීම සදහා මාද දෙකක සිට වෙහෙසෙන බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගොස් අවශ්‍ය පියවර ගත් බවත්, තවමත් ඔහු ගෙන්වා ගැනීමට නොහැකි වී ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන උවමනාව නිසා බවත් එම පක්ෂය කියයි.

රටින් පිටුවහල් කළ බොහෝ දෙනකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව ද පෙරටුගාමීහු පවසති.