කුමාර ගුණරත්නම් ලංකාවට ගෙන්වීමට ආණ්ඩුව ඉඩ නොදෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා අද (18) මරදානේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
'ආණ්ඩුව විපක්ෂ මතයක් දරන අයට ප්‍රහාර එල්ල කරනවා. ත්‍රිකුණාමලයේ අත් පත්‍රිකා බෙදමින් සිටි වමේ පෙරමුණේ අධාරකරුවන් පිරිසකට තර්ජනය කරලා. ඊයේ අත් පත්‍රිකා අත් අඩංගුවට අරගෙන තිබෙනවා. මෙහෙම මර්දනය කරන්නේ වමේ පෙරමුණ විතරක් නොවෙයි.
මෛත්‍රීපාල සිරිසේනගේ වදුරබ මැතිවරණ වේදිකාවට ගිනි තියලා. කලාකරුවන්ට මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල වෙලා තිබෙනවා. ජයතිලක බණ්ඩාරට ප්‍රහාර එල්ල කළා. ජනරංජන රහස් පොලිසියට ගෙන ගියා. දෙරණේ ශෙහාන්ගේ රැකියාව අහිමි වුණේ ආණ්ඩුවේ බලපෑම නිසා. වමේ පෙරමුණ මේ තත්වය හෙලා දකිනවා. විරුද්ධ දේශපාලන මතයන් සමඟ දේශපාලනය කරන්න දක්ෂිණාංශික පක්ෂ වලට බැහැ. මේ තත්වයට පිළිතුර තියෙන්නේ ජනතාවගේ සක්‍රීය මැදිහත් වීම තුළයි.
මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වය මඟ හරවන්න පුළුවන් ක්‍රමය එයයි. මේ දවස්වල ගුවන් තොටුපලවල් වහන එක ගැන කතා කරනවා. ධනපති පංතිය තමන් අතරේ ප්‍රශ්න විසඳ ගන්න යන කොට ඇති වන ප්‍රචණ්ඩත්වය දිහා බැලූවම කම්කරුවන්, ගොවියන්, ශිෂ්‍යයන් ගේ මර්දනය කරන්න මොනතරම් ප්‍රචණ්ඩත්වයක් භාවිතා කරයි ද කියා හිතා ගන්න පුළුවන්. මෙය දේශපාලන ක්‍රමයේ දේශපාලන සංස්කෘතියේ ප්‍රශ්නයක්.
කාලය ඉක්මවා රැඳී සිටියා කියා ගුණරත්නම් සහෝදරයාට දඩයක් ගෙවන්න නියම වෙලා තිබුණා. අපි අවුරුද්දකට වඩා කාලයක් ඒ දඩය ගෙවන්න උත්සාහ කලා. අන්තිමට කිව්වා වීසා ඉක්මවා රැඳී සිටීමට හේතු දක්වමින් ලිපියක් භාර දෙන්න කියා. නොවැ. 27 අපි ඒ ලිපිය භාර දුන්නා. සාමාන්‍ය පටිපාටියට අනුව ඒ ලිපියට දවස් 7 කින් උත්තර ලැබෙන්න ඕනෑ. දවස් 14 කුත් පහු වෙලා උත්තර නොලබුණු නිසා දෙසැ. 12 අපි නැවත ලියුමක් භාර දුන්නා. ඊට පස්සේ ආගමන විගමන පාලක කිව්වා අපේ ලියුම ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශයට යොමු කරලා තියෙන්නේ කියලා.
මෙතනදි ප්‍රශ්න මතු වෙනවා. ආරක්ෂක අමත්‍යශයේ නිර්දේශයක් අවශ්‍ය වන්නේ ඇයි කියලා. හිතාමතා කරන ප්‍රමාද වීමක් තියෙනවා කියලා දැනුන නිසා දෙසැ. 16 උදේ 10.58 ට පමණ කුමාර සහෝදරයා අන්තර් ජාලය මාර්ගයෙන් වීසා ඉල්ලූම් පතක් දැම්මා. එයට ස්වයංක්‍රීයව හමුවෙන ප්‍රතිචාරය කියනවා පැය 24 කින් වීසා ඉල්ලූම් පත්‍රය ගැන දැනුම් දීමක් කරනවා කියලා. පැය 48 ක් ගිහිල්ලාත් ඒ ගැන පිළිතුරක් හමුවෙලා නැහැ. අද පස්වරු එකට පමණ අපි ලිපියක් යොමු කර ඇහුවා ඇයි අපට උත්තර දෙන්නේ නැත්තේ කියලා. මේ ආයතන වල අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. මෙය සිතාමතා කරන බදා කිරීමක්. ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් ගැන කතා කරන අයගෙන් අපි අහන්න කැමැතියි මේ ගැන මොකද? කියන්නේ කියලා.'

