පෙරටුගාමීනට පොලිසියෙන් අරියාදු?


‘‘තවත් කළු ජූලියක් එපා“ යැයි කියමින් සම අයිතිය ව්‍යාපාරය විශාල බැනරයකට අත්සන් ගැනීමේ වැඩසටහන අද බොරැල්ලේ පැවැත්වෙද්දී ඊට පොලිසිය බාධා කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ මහතා කියයි.

පෙර අවසරයකින් තොරව බැනර් නොගැසිය යුතුයයි   කියමින් පොලිසිය අත්සන් සහිත බැනරය ගෙන ගිය බව ද,  පරිසර දූෂණය වන බව කියමින් අත්පත්‍රිකා බෙදීම නතර කළ බවද ජාගොඩ මහතා පවසයි.

සේනාධීර ගුණතිලක (ඕපාත) සහ තවත් පුද්ගලයකු පොලිසියට රැගෙන ගොස් මුදා හරිනු ලැබූහ.

කොළඹ කොටුව, මහනුවර ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර රැසක මීට පෙර මේ වැඩසටහන පැවැත්වුවත් කිසිදු ගැටළුවක් ඇති නොවූ බව වැඩසටහනේ සංවිධායකයෝ කියති.

යාපනය, බණ්ඩාරවෙල, යටියන්තොට, නාවලපිටිය සහ ගාල්ල නගර වල ද අද මේ වැඩසටහන පැවැත්වෙයි.

IMG_20140723_125353 IMG_20140723_133356

_DSC0205[1] P230714_1016[02] P230714_1123

DSC_8836 DSC_8860