පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට ලංකාවේ ජීවත් වීමට, දේශපාලනය කිරීමට සහ පුරවැසි අයිතීන් ලබා දෙන ලෙස බල කෙරෙන අයිතිය වෙනුවෙන් කොළඹ, කොටුව දුම්රියපල ඉදිරිපිට නොවැම්බර් 13 දින සිට පවත්වාගෙන යනු ලබන අඛණ්ඩ විරෝධයට අද (ජනවාරි 01) දිනට දින 50ක් සම්පූර්ණ වන බව එම පක්ෂය කියයි.
තම ඉල්ලීම්වලට මෙතෙක් විසඳුම් ලැබී නැතැයි ද එම පක්ෂය සඳහන් කරයි.


