පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (24) පස්වරුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අයවැයට එරෙහිව උද්ඝෝෂණය කළේය.
2016 වර්ෂය සඳහාවු අයවැය ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු වූ අයවැයක් බව එම පක්ෂය කියයි.
‘එම නිසා මෙම අයවැය පරාජය කරන සටන දිගටම ක්‍රියාත්මක කරනවා‘ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජික දුමින්ද නාගමුව අදහස් කීවේය.




