ජංගම දුරකතන පෙර ගෙවුම්පතක් මිලදී ගැනීමට රුපියල් දහසේ හොර නෝට්ටුවක් දුන් බව කියන අම්පාරේ ඉඟිනියාගල පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අම්පාර පොලිසිය කියයි.
පෙර ගෙවුම්පත් හලේ හිමිකරු කළ පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ ආරම්භ කළ බවත් සැකකරු අම්පාරේ පන්සලක සිටිය අයකු බවට තොරතුරු ලැබී ඇති බවත් පෙලිසිය පවසයි.

